Suba pathumnn

උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද......
තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...
ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්.....
.....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම
නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...
යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ෂාව ‍රැකවරණය සැලසේවා...
ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා...
ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත සුභ නව වසරක් වේවා... 
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
තෙරුවන් සරණයි...!!!

News & Events

14
Apr2019
උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් ‌වේවා..

උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් ‌වේවා..

උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද...... තුණුරුවනේ...

28
Mar2019
Productivity Awards 2018

Productivity Awards 2018

  ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය ... අන්තර්...

Scroll To Top