අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

Visitor Counter

Please install plugin JVCounter!

News & Events

news1101. යටවත්ත වීර පරාක්‍රම ජාතික පාසල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන පිණ්ඩපාත චාරිකාවක් ැයි මස 26 වන සිකුරාදා දින පෙ.ව. 9.00 සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආරම්භ කර යටවත්ත වීර පරාක්‍රම ජාතික පාසල වෙත වැඩම ිරිමට කටයුතු සැලසුම් කර ඇත. මේ සඳහා යටවත්ත ශාසනාරක්ෂක බලමණඩලයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා 60 නමක් සහභාගි වීමට නියමිතය.

02. යටවත්ත ප්‍රාදේශීය සභාවෙි නිලධාරින් සඳහා රාජ්‍ය අංශයේ නව්‍යකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.18 වන දින පෙ.ව.9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ඵලදායිතා අංශය විසින් ලබාදේ.

03. යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා විගණනය 2023.05.19 වන සිකුරාදා දින පෙ.ව.9.30 සිට සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැ්. එම විගණන වැඩසටහන මාතලේ දිස්ත්‍රික් ඵලදායිතා සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරනු ලබන අතර සියලුම අංශ කව මට්ටමින් ඒ සඳහා සූදානම් වන ලෙස ප්‍රාදේශීය ලේකම්තුමිය දන්වා සිටී.

04. ඩෙංගු ව්‍යප්තිය මර්ධනය සඳහා නිවාස පරීක්ෂාව 2023.05.16 දින උඩගම වසමේදී ද, 18 දින ගලගම වසමේදී ද, 19 උඩගම බටහිර වසමේදී ද, 23 දික්කුඹුර වසමේදී ද, 25 දෙල්ගොල්ල වසමේදී ද පැවැත්වේ.

05. ජංගම දුරකතන අවභාවිතය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.19 වන දින මාතලාපිටිය විදුහලේදී සංව්න නිලධාරී ප්‍රජා විශෝධනගේ සංවිධානයෙන් පැවැත්වේ.

06. 2023.05.16 දින පෙ.ව.10.00ට මැඳියාපොල වසමේ දී “මුළුතැන්ගෙයි ඖෂධාගාරය” මැයින් කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරිගේ සම්පත් දායකත්වයෙන් පළාත් වනිතා නිලධාරිගේ සංවිධානයෙන් පැවැත්වේ.

07. 2023.05.19 දින සබන් නි්දන පුහුණු වැඩසටහන දීවිල්ල උතුර ග්‍රාම නිලධාරි වසමේදී විදාතා සම්පත් මධ්‍යස්ථානයේ සම්පත් දායකත්වයෙන් එදින පෙ.ව.10.00ට පළාත් වනිතා නිලධාරිගේ සංවිධානයෙන් පැවැත්වේ.

08. 2023.05.18 දින උදේ 10.00 සිට ඩන්ගන් විහාරස්ථානයේ දී වැඩිහිටි බලමණ්ඩලය හා කොට්ඨාසයේ සියලුම වැඩිහිටි සමිති ඒකරාශි කරගනිමින් වැඩිහිටියන් සඳහා අධිෂ්ඨාන පූජා වැඩසටහනක් පැවැත්වේ. එදින ශාංඝික දානයක් හා වැඩිහිටියන් සඳහා දිවා ආහාරය ද ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති දන්වා සිටී.

09. කෘෂිකර්ම අංශය මගින් සංවිධානය කරන ලද පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් පවත්වනු ලබන පොල් වගාවේ රෝග හා පලිබෝධ මර්ධනය පිළිබඳව පුහුණු වැඩසටහන 2023.05.15 දින පෙ.ව.9.30 සිට කාර්යාලීය සම්මන්ත්‍රණ ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි.

10. 8,9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පාසල් නිවාඩු දිනයන්හි දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා අයදුම් කරන්නේ නම් සිසුන්ගේ නම්, ඉගෙනුම ලබන පාසල, ශ්‍රේණිය, දුරකථන අංකය, ලිපිනය යන තොරතුරු ග්‍රාම සංවර්ධන නිලධාරි වෙත ලබා දෙන්න. පුහුණුව අවසන වටිනා සහතිකයක්ද පිරිනැමේ. වැඩිදුර විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.

11. 2023.05.16 දින ප.ව.1.00 සිට ප.ව.3.00 දක්වා පමුණුව විද්‍යාලයේදී 9 ශ්‍රේණියේ සිසුන් සඳහා කාණ්ඩ විෂයන් තෝරාගැනීමේ මාර්ගෝපදේශ වැඩසටහනක් හා 11 ශ්‍රේණියේ සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ගේ සංවිධානයෙන් පැවැත්වේ.

12. කෘෂිකර්ම අංශයේ සම්පත් දායකත්වයෙන් මුරුතවත්ත වසමේ කුඩා පරිමාණ සත්ත්ව ගොවිපලවල් සඳහා අතිරේක සත්ත්ව ආහාරයක් ලෙස ඇසොල්ලා වගාව හඳුන්වාදීමේ වැඩසටහනක් මැයි 19 සිකුරාදා දින පැවැත්වේ.

13. ගැටුම් කළමනාකරණය හා සමථකරණය පිළිබඳ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.18 දින ප.ව.1.00ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සමථ සංවර්ධන නිලධාරිගේ සම්පත් දායකත්වයෙන් හා මුල්ළමාවිය සංවර්ධන නිලධාරිගේ සංවිධානයෙන් පැවැත්වේ.

Scroll To Top